CID එක ක්‍රිකට් එකට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි පරිගණක දත්ත පරීක්ෂා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි මූල්‍ය අංශය සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කර අැති බවට ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පරීක්ෂා කිරීම සිදුව ඇත්තේ තරඟ විකාශනය අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලක් හොංකොං ගිණුමකට වංචනික ලෙස බැර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව බවයි තවදුරටත් වාර්තා වන්නේ.

Exit mobile version