Home දේශීය පුවත් ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පළමු කොඩිය ජනපති වෙත පළඳවයි

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පළමු කොඩිය ජනපති වෙත පළඳවයි

0
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පළමු කොඩිය ජනපති වෙත පළඳවයි

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්වත්ත මහතා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ගරු ජනාධිපතිතුමා අතින් දෘෂ්‍යාබාධිතයන් වෙත සුදු සැරයටි පිළිගැන්වීම ද සිදුවිය.

දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරමින් පවතින ශ්‍රවණාගාරය සම්පූර්ණ කරගැනීමට රුපියල් ලක්ෂ 17ක මුදලක් අවශ්‍ය බවට එම මණ්ඩලය විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක්  එම අවස්ථාවේදීම එම මණ්ඩලය වෙත පිරිනැමීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version