සියල්ලේ ම පැවැත්ම ඡන්දය මත රඳා පවතී – සභාපති මහින්ද දේශප්‍රිය මහතා

ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට බහුතරයකගේ මතයක් පැවතිය ද රටක පැවැත්ම සඳහා රජයක් මෙන්ම පාලකයන් ද සිටිය යුතු බවත් ඒ අනුව සියල්ලේ ම පැවැත්ම ඡන්දය මත රඳා පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ( 10) මැතිවරණයන් සඳහා කාන්තා නියෝජනය පිළිබඳ මැතිවරණ කොමිසමේ පැවැති දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් පැවසීය.

“ඡන්දය ලබාදීම මූලික අයිතිවාසිකමක්. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැමට මේ අයිතිවාසිකම හිමිවනවා. ඡන්ද නාමලේඛනයට නම ඇතුළත්වීම අවශ්‍ය වන්නේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාගැනීමට මිස තම පදිංචිය තහවුරු කිරීමට හෝ තම දරුවා පාසලට ඇතුළත් කරගැනීමට නොවෙයි. බොහෝ අවස්ථාවලදී අධිකරණයේ ඉහළ නිලධාරීන්, ව්‍යාපරිකයන්, ඉහළ දේශපාලන අධිකාරීන් හට ඡන්ද නාමලේඛනයේ නම් ඇතුළත් නොවීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහි ගොස් තිබෙනවා. ඡන්ද නාමලේඛනයේ නම ඇතුළත් නොවුණත් මැතිවරණය සඳහා ඉදිරිපත් විය හැකියි නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ”. සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Exit mobile version