රවීගේ නඩුවට මහේස්ත්‍රාත් අාවේ නෑ

ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් රවී කරුණානායක මහතාට එරෙහි නඩුව නොවැම්බර් මස 5 වනදා කැඳවන ලෙස  අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

ඒ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි ලද චෝදනා යටතේය.

එම පැමිණිල්ල අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

Exit mobile version