මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වටලයි

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් වනාතවිල්ලුව, මොරපතාව ප්‍රදේශයේ සිදුකරගෙන ලබන මහා පරිමාණ මත්පැන් පෙරීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවෙකු සමඟ නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ, මත්පැන් තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

මෙසේ පොලිස් අත්අඩංගුවටපත් සැකකරු වසර ගණනාවක සිට ඉතාමත් සූක්ෂම ලෙස හොර රහසේ මෙම මත්පැන් පෙරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවත් පසුව මෙසේ පෙරන ලද නීති විරෝධි මත්පැන් ප්‍රදේශයේ ජංගම අලෙවි සැල් වෙත මහා පරිමාණයෙන් බෙදා හැරීමේ ජාවරමකද නිරතව සිට ඇති බවයි වනාතවිල්ලුව පොලීසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු මොරපතාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ගෝඩා ඩ්‍රෑම්ස් 7520 ක්, බැරල් 07ක්, තඹ දඟර 01ක්, ගෑස්ලිප් 02ක්, ගෑස් සිලින්ඩර් 02ක් සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

Exit mobile version