ඒකාබද්ධය භේදයක් නැති බව මහින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙකත් දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින්ය.

තවද මාධ්‍යවේදින් විසින් එහිදි ඒකාබද්ධ විපක්ෂය කැඩිගෙන යනවාද කියා නැඟු ප්‍රශ්ණයකට පිළිතුරු දුන් මහින්ද මහතා පැවසුවේ  එවැනි කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.

අපවත් වී වදාල අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) කොස්ගොඩ කේදාරකාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

Exit mobile version