යාල නැවත විවෘත කරයි

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසාදමා තිබෙන යාල ජාතික වන උද්‍යානයේ කලාප අංක 01 කොටස අද (30) විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

සැප්තැම්බර් පළමුවැනි දින සිට යාල කලාප අංක 1 කොටස වසා දැමූ අතර එහෙත් කලාප අංක 2, 3, 4 කොටස් විවෘතව පැවති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අනුව කලාප අංක 1 ඇතුළුවීමට පළටුපාන හා කටගමුව කාර්යාලවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (30) සිට සිදුකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Exit mobile version