අපනයනය හා ලියකියවිලි පිළිබඳ වැඩමුළුවක්

‘අපනයන ක්‍රියාපටිපාටිය සහ අදාළ ලියකියවිලි’ පිළිබඳ එක්දින වැඩමුළුවක් හෙට (31) දින, අංක. 450, ඩී.ආර්.විජයවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ ශ්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසිනි.

මෙම වැඩමුළුව උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්විමට නියම්ත අතර විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා අපනයන ක්‍රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා මෙන්ම අපනයන ක්‍රියාවලියෙහි නිරතවීමට බලාපොරොත්තු වන ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කොට ගෙන පවත්වනු ලැබේ.

Exit mobile version