එජාප විරෝධයට අධිකරණයෙන් නියෝග

අද (30) දින එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට නියම්ත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන අයුරින් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

කුරුදුවත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරය තුළින් මහජන සාමය කඩ වීමේ සිද්ධීන් ඇති විය හැකි බවට බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇති බවයි.

එමනිසා මහජන සාමය කඩවන සිද්ධීන්වල යෙදීමෙන් වළකින ලෙසත් අයුතු ලෙස රජයේ ආයතන වලට ඇතුල් වීම සහ දේපළවලට අලාභහානි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්  කරන මෙන් ඉල්ලා පොලිසිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

Exit mobile version