කථානායක පළාත් පාලන සංශෝධන පනත්වලට අත්සන තබයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරූ ජයසූරිය මහතා විසින් සිය අත්සන සනිටුහන් කිරීම අද දින (12)පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේ දී සිදු විය.

මෙම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක් වූහ.

Exit mobile version