වැඩිවුණ ත්‍රිවිල් ගාස්තුව ආයෙත් පහලට

අද සිට (01දා) ත්‍රිරෝද රථ ගාස්තු 10%කින් අඩු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ‘ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ’ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කෙළේය.

ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටර් එකක් සඳහාම අද සිට රුපියල් පහකින් (05) ගාස්තු අඩු කරන බව ඔහු පැවැසීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31දා) මුදල් අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අවස්ථාවේදී තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බැව් ප්‍රකාශ කළ බවත්, එතුමාට සහාය දීමක් ලෙස සහ එතුමාගේ ප්‍රකාශයට ගරු කිරීමක් ලෙස තම සංගමය මේ තීරණය ගත් බවත් සුනිල් ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version