Home දේශීය පුවත් පාර්ලිමේන්තුව 7 වැනිදා කැඳවයි

පාර්ලිමේන්තුව 7 වැනිදා කැඳවයි

0
පාර්ලිමේන්තුව 7 වැනිදා කැඳවයි

නොවැම්බර් මස 7 වන බදාදා දින පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසූවේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

අද (02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ.

නොවැම්බර් මස 16 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණ ද තමා සමඟ සිදු කළ සුහද කථා බහෙන් පසුව පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවීමට එකඟතාවය පළ කළ සිටි බවත්, පැවසූ කරූ ජයසූරිය මහතා පසුව එම දිනය 7 වන දා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය දැක්වීම සඳහා මෙම හමුව අද දිනයේ දී පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version