කාත් එක්ක කතා කළත් TNA එතැනමලු

තමන් නව රජයේ නායකයින් මුණ ගැසුනත් කිසිම අවස්ථාවක ජනතාවගේ වරමට පිටුපා කටයුතු නොකරන බවත් එම නිසා ඒ ගැන දෙමළ ජනතාව කලබල වියයුතු නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවැති අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලය ලබා ගත්තේ අපේ පක්ෂයේ අපේ ජනතාවගේ ඡන්දයෙන්. එදා ඔහු අපෙන් ඉල්ලුවේ මහින්දව පරාජය කරන්න දෙමළ ජනාතවගේ සහය ලබා දෙන්න කියලා. එසේ නොවුනොත් තමන්ට අඩි 6 ක් පොළව යටට යන්න වෙනවා කියපු කෙනා අද අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා. මේක විශාල රැවටීමක්.”

Exit mobile version