කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක්

පළා යාමට උත්සාහ කල රැදවියෙකුට බන්ධනාගාර නිලධාරියකු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත.

යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති.

එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට එසේ වෙඩි තබා ඇතැයි ද පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

Exit mobile version