හතුරු සමඟ අවුලක් නිසා චරිත් ඉල්ලා අස්වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කළ බව ඔහු කියාසිටියේය.

චරිත් සේනානායකගේ මෙම ඉල්ලා අස්වීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් හේතුවී තිබේ.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ පසුබෑම පුහුණුකරු චන්දික හතුරුසිංහ, තමන් වෙත පැටවීමට උත්සාහ දරන බව චරිත් සේනානායක මෙහිදී කියාසිටියේය.

Exit mobile version