ලොව පොහොසත්ම කලාකරුවා ෂාරුක්

පසුගියදා ‘වෙල්දි ගොරිල්ලා’ නම් වූ සුප්‍රසිද්ධ වෙබ්අඩවිය විසින් පවත්වනු ලැබු සමීක්ෂණයකින් ලොව ජනප්‍රියත්වයට පත්ව සිටින විවිධ කලාකරුවන් සහ කලාකාරියන් අතරින් පොහොසත් ම පුද්ගලයා ෂාරුක් ඛාන් බව තහවුරු වි තිබේ.

ඉන්දීය නළු ෂාරුක් මෙම සමීක්ෂණයේ දී එම වෙබ්අඩවිය ප්‍රකාශයට පත් කර ඇති පුද්ගලයන් 20දෙනා අතරින් ප්‍රථම ස්ථානයට අැති අතර ඔහුගේ වත්කම 2018 වසරේ ඩොලර් මිලියන 750ක් වන බවත් වාර්තාවේ.

බොලිවුඩයේ ‘බිග්බී’ ලෙස නම් දරා සිටින අමිතාබ් භච්චන්ට මෙම ලැයිස්තුවේ හිමි වී ඇත්තේ හතර වැනි ස්ථානය වන අතර  දෙවැනි ස්ථානය හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ටොම් කෲස් ට හිමි වී අැත.

සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජැකී චෑන්, ක්ලින්ට් ඊස්ට් වුඩ් වැනි දැවැන්තයන් මෙම ලැයිස්තුවේ 7, 8, 9 වැනි ස්ථානවලට පත්ව තිබේ. ලැයිස්තුවේ විසිවැනියා, බ්‍රැඩ් පිට්ය.

Exit mobile version