අර්බුධ මැද රනිල් මෛත්‍රී හමුවක් අද ?

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර වෙනම හමුවක් අද (18) සිදුවනු ඇති බව වාර්තාවේ.

අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුව පිළිබද අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මහතා මේ බව කියාසිටියේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ගිය සතියේ එතුමාගේ උපදෙස් අනුව තමයි අපි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මත සිට තමයි අද අපි එතුමාව හමුවෙන්නත් යන්නේ. අපි විශ්වාස කරනවා එතුමා විසින් මේ නිර්මාණය කරන ලද දේශපාලන අස්ථාවරභාවය එතුමා විසින්ම තමයි නිවරැදි කරන්න ඕනේ කියලා. අපි සඳුදා දිනයෙත් බලාපොරොත්තු වෙනවා අපිට බහුතරය තියෙනවා කියන එක පෙන්වන්න. මේ තත්ත්වය උඩ අද අපේ අගමැතිතුමාත් බොහෝ දුරට එතුමාව හමුවෙන්න ඉඩ තියෙනවා..කණ්ඩායමක් විදිහට නෙමෙයි තනිවම.”

Exit mobile version