Home දේශීය පුවත් අද සිට වැස්සේ වැඩිවීමක්

අද සිට වැස්සේ වැඩිවීමක්

0
අද සිට වැස්සේ වැඩිවීමක්

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(19) දින සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තුවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැක අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version