අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරි තත්ත්වය හේතුවෙන් අද දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේ ය.

අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.

සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරට පාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ අර්බුදකාරී තත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබුවේය.

Exit mobile version