Home දේශීය පුවත් නුග ගසක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

නුග ගසක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

0
නුග ගසක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තිබු විශාල නුග ගසක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව තලවකැලේ පොලීසිය පවසයි.

අද (22) අලුයම 5 ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ ලෝගි වත්ත මල්ලිඅප්පු ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට අත්ත කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි ඝණ දෙවි කෝවිලක පිහිටි මෙම නුග ගස වසර 100 කට වඩා පැරණි බව ප්‍රදේශවාසීහු පවසති.

ගසේ කොටසක කඩා වැටිමෙන් ඝණ දෙවි කෝවිලටද සුළු අලාභ හානි සිදු වි ඇති අතර, ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබු අධි බලැති විදුලි රැහන් පද්ධතියකට සහ දුරකථන රැහන් පද්ධතියකට ගසේ කොටසක් කඩා වැටිමෙන් බරපතල අලාභ හානි සිදු වි ඇති අතර, තලවකැලේ ප්‍රදේශයට විදුලි බලයද ඇණ හිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version