කොළඹ කොටස් වෙළඳපොල හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න සූදානම් වෙයි

කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක සිට 2018 නොවැම්බර් මස 23 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොල දැනුම් දෙයි.

මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණ බව සඳහන්ය.

එහිදී වෙනත් ස්ථානයක සිට ක්‍රියාවලිය සිදු කිරීමේදී ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවාට කල්තියා විසඳුම් ලබාදීම, බාධා අවම කර ගැනීමට මෙහිදී සූදානම් වෙනු ඇත.

Exit mobile version