කුකුළු හොරකමේ ආපු කකුල් හතරේ අමුත්තා

බේරුවල, ගල්හේන, කොටියාවත්ත ප්‍රදේශයේ සැරිසැරූ හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව අද (24) අල්ලා ගැනීමට සමත්ව තිබේ.

මෙම හඳුන් දිවියා එම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලක ඇති කරන කුකුළන් ආහාරයට ගැනීමට හුරුවී සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

අල්ලාගත් මෙම හඳුන් දිවියා අලුත්ගම, වැලිපිටිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කළුතර වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබේ.

Exit mobile version