මහ මැතිවරණයක් ඉල්ලා ජනතා පෙත්සමක්

මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැඩසටහනක් හැටන් බස් නැවතුම්පොල අසලින් අද (25) ආරම්භ කර තිබේ.

ජනතා පරම අයිතිය වන මහජන ජන්දයක් පවත්වන ලෙස බලකරමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම සඳහා මෙම ජනාතා පෙත්සමකට අත්සන් ලබා අත්සන් තබා ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ශෂි රත්නායක මහතා විසින් මෙම ජනතා පෙත්සම අත්සන් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබේ.

හැටන් ප්‍රදේශයේ සිංහල දමිල, මුස්ලිම් ජනතාව මෙම ජනතා පෙත්සමට විශාල වශයෙන් අතසන් කර ඇති බව වාර්තාවේ.

Exit mobile version