එළඹෙන සතිය අවසන් වෙන්න කළින් එජාප ආණ්ඩුවක් පිහිටුවනවා

එළඹෙන සතිය අවසන් වීමට පෙර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා මෙසේ පැවසීය.

“තවත් අය නිහඬව ඉන්නවා අපි සමග එකතු වෙන්න කැමැත්තෙන්. එතකොට ඒ ආණ්ඩුව කියලා කියාගෙන ඉන්න අයට ඉතුරු වෙන්නේ 85ක් වගේ පිරිසක්. ඒ නිසා අපි නැවත ආණ්ඩුව පිහිටුවනවා. ඒක එක්සත් ජාතික පෙරමුණ සමග එකඟ වෙන ආණ්ඩුවක්. සන්ධාන ආණ්ඩුවක් බවට මේක පත්වේවි.”.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (25) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

Exit mobile version