නත්තල් දිනය දා ප්‍රශ්න පත්‍ර බැලීම ගැන ගුරු සේවා සංගමයේ විරෝධය

කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැළකෙන නත්තල් දිනය දා අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර ඇගයීම සිදුකරන දිනයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව කාල සටහන් සකස් කර ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

මේ නිසා ඒ සඳහා යෙදී සිටින කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවද ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පල කරන බවත් මෙම තත්වය වහාම වෙනස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version