BOI නව පත්කිරීමක් සිදු කර නැති බව හේමසිරි කියයි

අද දක්වාම තමන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු කිසිදු පාර්ශවයක් විසින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ බිරිඳක් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර ඇති බවට මේ වන විට පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කිසිදු නිළධාරියකුගේ පත්වීමක් ස්ථීර කිරීමට පියවරගෙන නොමැති බවත් එම පුවත අසත්‍ය බවයි.

Exit mobile version