ජර්මන් චාන්සලර්වරිය ජී 20 සමුළුවට සහභාගීවෙයි ?

ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ආර්ජන්ටිනාව බලා ගමන් කරමින් සිටි යානය හදිසියේ ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එම යානය කාර්මික දෝෂයකට ලක් වීමෙන් ලක් විමෙන් මෙසේ ගුවන් යානය ගොඩ බස්සවා තිබේ.

ජර්මනියේ බර්ලින් නුවර සිට යානය ගුවන්ගත වී මද වේලාවකින් නැවත ගොඩබැස්වීමට සිදුව තිබෙන අතර බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ කිහිපයක් හටගෙන ඇති බවයි.

ජර්මන් චාන්සලර්වරිය ඇතුළු නියෝජිත පිරිසට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් අද ආර්ජන්ටිනාව බලා පිටත්ව යාමට නියමිතය.

Exit mobile version