හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අැත.

ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුනු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම සැකකරු වයස අවුරුදු 17ක් වූ අරලිය නිවාස, රත්මලානේ පදිංචි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද(01) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version