පාෙහොට්ටුවෙන් නැතිව එජනිසෙන් එන බව විජයමුණි කියයි

ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණින් නොව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පමණක් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

මොණරාගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව ලකුණින් තරඟ වදින බවට පල වන ප‍්‍රකාශ වලට පිලිතුරු ලබා දෙමිනි.

කෙසේවෙතත් ඊයේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වන බවට තීරණය කර ඇති බවයි.

Exit mobile version