ඉරණමඩුව ජලාශයේ නාමපුවරුව ඉවත් කල බවට චෝදනා

ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇති බවයි.

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය ප්‍රතිසංස්කරණය කොට පසුගියදා නැවත විවෘත කිරීමේ වැඩසටහනට අදාළව අදාළ නාම පුවරුව ඉවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 ව‍ස‍රේ ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකොට තිබු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිළධාරීන් විමසීමේදි අදාළ නිළධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කළ අතර, නව පුවරුවක් ඉදිරියේදී සකස් කොට ස්ථාපිත කිරීමට නියමිත බවයි.

Exit mobile version