යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

රත්මල්ගහවැව – හොරොව්පතාන මාර්ගයේ කහටගස්දිගිලිය පෙතියන්කඩ කුඹුරුයාය අසල දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු ‍රත්මල්ගහ වැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් අැති අතර මෙසේ මියගොස් ඇත්තේ රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

Exit mobile version