ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට එරෙහි වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප‍්‍රභා කරයි

ඉන්දියාවේ ජම්බුකාෂ්මීර ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ගත් තීන්දුවට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභා කර තිබේ.

භාරතීය ජනතා පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන ගගන් භගාත් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

පෙත්සම ගොණුකළ භාරතීය ජනතා පක්‍ෂයේ ගගන් භගාත් මන්තී‍්‍රවරයා එම පෙත්සමින් ඉල්ලා සිටියේ මෙම විසුරුවා හැරීම නීතිවිරෝධී බැවින් එම විසුරුවා හැරීමේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය අත්හිටුවා මන්ත‍්‍රණ සභාවේ බහුතර බලය විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසටයි.

ආණ්ඩුකාරවරයා විසින් ගත් මෙම තීන්දුවට හා එය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බව එම පෙත්සම නිෂ්ප‍්‍රභ කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Exit mobile version