සජිත් රනිල්ට විශ්වාසය පල කරයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද(12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සිය යෝජනාව ඉදිරිපත් කරමින් හෙතෙම සඳහන් කළේ
” අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පල්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි” ලෙසය.

Exit mobile version