කුඩු සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා 20 දක්වා රිමාන්ඩ්

ඉකුත්දා බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රඳවාගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද(12) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන අතර ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කළේය.

Exit mobile version