රන් අස්වනු බිම් අක්කර එක්ලක්ෂ හතලිස් දහසක් අත ඇරලා

මේ වන විට රට තුළ ඉතා හොඳින් වගා කළ හැකි තත්ත්වය‍ෙ කුඹුරු අක්කර එක්ලක්ෂ දහහතර දහසක් (114,000) පුරන් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙල යටතේ මෙවර මහකන්නයේදී අක්කර 27,000ක් වගාකිරීමට පියවර ගත් බවද අමාත්‍යාංශය කියයි.

පසුගිය යළකන්නයේදී පුරන් කුඹුරු 13,000ක් වගා කළ බව කී අමාත්‍යංශය මේ වන විට රට තුළ පුරන් ව ඇති මුළු කුඹුරු අක්කර සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහසක්(140,000) බවද අනාවරණය කළේය.

Exit mobile version