යාන් ඔයේ නොනවත්වා කළ මෙහෙයුමේ ප්‍රතිපල මෙන්න

යාන් ඔයේ තිබී තවත් අවි ආයුධ තොගයක් සොයා ගැනීමට පොලිසිය හා නාවික හමුදාව සමත් වී ඇත.

පසුගිය 30 වැනිදා අවි ආයුධ තොගයක් හමු වීමෙන් පසු සිදු කළ වැඩිදුර පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම අවි තොගය සොයාගෙන ඇත.

හොරොව්පතාන අලුත්ඔය මාර්ගයේ හබගම ප්‍රදේශයෙන් ගලා බසිනා යාන් ඔයේ ඊයේ(12) දවස පුරා හොරොව්පතාන පොලිසිය හා තලෙයිමන්නරාම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ අනුව ටී 56 ගිනි අවි සඳහා යොදන පතොරොම් 970ක්, බෝම්බ කොටස් 02ක්, LMG පතොරොම් වැල් 12ක් ඇතුළු යුද අවි තොගයක් සොයා ගෙන ඇත.

Exit mobile version