උදේ ආහාර නොමිලේ ලබා දෙන චීනයේ ආපන ශාලාවක්

පරිසර පිරිසිඳු කිරීමේ රැකියාවල නිරත වන්නන්, ආබාධිතයන්, හමුදා භටයන් සහ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් උදේ ආහාර නොමිලේ ලබා දීමට චීනයේ ගුයි චෞ පලාතේ ආපන ශාලාවක් කටයුතු කරයි.

කුඩා කාලයේ තම මව අහිමි වූ එම ආපන ශාලා හිමියාට අසල්වැසියන්ගෙන් බොහෝ උදව් හිමිව තිබිණ. දැන් ආපසු සමාජයට කෘතගුණ දැක්වීමට කැමැති බව ඔහු පවසයි.

ගෙවි ගිය වසර දෙකේ එම ආපන ශාලාවෙන් නූඩ්ල්ස් බදුන් විසි දහසකට වැඩි ප්‍රමාණයක් නොමිළේ ලබා දී තිබේ.

Exit mobile version