පාර්ලිමේන්තුවේ CCTV බලයි

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුව ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීම මේ දිනවල සිදුකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

පසුගිය 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේය.

එම කමිටුවේ සාමාජිකයින් දෙදෙනා බැඟින් සී.සී.ටී.වී. කැමරා දර්ශන වෙන වෙනම අධ්‍යයනය කරන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් හෙට(18) අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම අදාළ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ කැමරා දර්ශන පෞද්ගලික මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

Exit mobile version