නව පෙරමුණකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

අද (21) දින එක්සත් ජාතික පක්ෂයේ නව පුළුල් පෙරමුණක් බිහි කිරීම සඳහා වන යෝජනාව සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිව තිබේ.

අද පස්වරුවේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

Exit mobile version