බුද්ධ ප‍්‍රතිමාවලට හානි කල අයෙක් කොටුවෙයි

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇති බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් කොටුකර ගෙන පොලීසියට භාරදී තිබේ.

මෙම සැකකරුවන් තවදුරටත් බුදු පිළිම විනාශ කිරීමට සූදානම් වන විට ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරු මාවනැල්ල පොලීසියට භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන ගොස් තිබේ.

ප‍්‍රදේශවාසීන් විසින් කොටුකර ගෙන පොලීසියට භාරදුන් සැකකරු මාවනැල්ල, හිගුල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකs.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Exit mobile version