සේනා වෙනුවෙන් වන්දි

අනුරාධපුර, අම්පාර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල ගොවිතැන් වල අස්වැන්නට සේනා දළඹුවාගෙන් වැඩි හානි සිදුව ඇති බවත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක මද වශයෙන් සේනා දළඹු හානිය පැතිර ගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙම සේනා දළඹුවන් නිසා හානි සිදුවූ ගොවිතැන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

මේ වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳව සහ පීඩාවට පත්ව ඇති ගොවීන් පිළිබඳව තොරතුරු රැස්කර වාර්තාවක් ලබා දෙන ලෙස සියලු අංශ වලට දැනුම්වත් කර තිබේ.

සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය කැමැත්ත පළකර ඇත.

Exit mobile version