Home විශේෂාංග පුවත් මිලී හා ලියාම් විවාහ වෙයි

මිලී හා ලියාම් විවාහ වෙයි

0
මිලී හා ලියාම් විවාහ වෙයි

ඇමෙරිකාවේ පොප් තාරකාවක වන මිලී සයිරස් තම දීර්ඝ කාලීන පෙම්වතා සහ ඔස්ට්‍රේලියානු රංගන ශිල්පියෙකු වූ ලියාම් හෙම්ස්වර්ත් සමග විවාහ වි තිබේ.

පසුගිය ඉරිදා පවත්වා ඇති මෙම විවාහ මංගල උත්සවයේ ඡායාරූප ඇය සිය සමාජජාල හරහා ප්‍රසිද්ධියට පත්කර තිබේ.

‘ද ලාස්ට් සොන්ග්’ චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී මීට වසර දහයකට පමණ පෙර මෙම යුවළ එකිනෙකා දැන හඳුනාගෙන තිබුණි.

ඉතා චාම් ලෙස සිදුව තිබූ මෙම විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ සමීපතම ඥාතීන් හා හිතවතුන් කිහිප දෙනෙකු පමණක් සහභාගි වී ඇති බවද දැන ගන්නට ලැබෙයි.

2012 වසරේදී මෙම යුවළ විවාහ ගිවිස ගෙන තිබුණත්, ඉන් වසරකට පසුව ඔවුන් වෙන් විය. පසුව යළිත් 2015 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව සිටින ආකාරය දැකිය හැකි වූ අතර, යළිත් විවාහ ගිවිසගත් බව ඔවුහු ප්‍රකාශ කළහ.

පසුගිය නොවැම්බර් මාසයේ කැලිෆෝනියාවට බලපෑ දරුණු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ඔවුන්ට අයත්ව තිබූ නිවසද සම්පූර්ණයෙන් විනාශ විය. ඒ අනුව, මෙම විවාහ මංගල්‍යය ටෙන්නසී ප්‍රාන්තයේ, ෆ්‍රෑන්ක්ලීන් හි සයිරස්ට අයත් තවත් නිවහනක පැවැත්වී ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version