Home දේශීය පුවත් නිල අැඳුම් ලබා දිමේදී චක්‍රලේඛය අනුව කටයුතු කරන්න

නිල අැඳුම් ලබා දිමේදී චක්‍රලේඛය අනුව කටයුතු කරන්න

0

තිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඒ ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි.

පසුගිය සමයේ නිල ඇදුම් ලබාදීමේ දී සිදු වූ වංචා දූෂණ වළක්වා ගනිමින් රජය විසින් ලබාදෙන සහන අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව සෘජුවම පාසල් දරුවන් වෙත ලබා දීමේ අරමුණින් නිල ඇදුම් වවුචර ක්‍රමය හදුන්වා දුන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව මේ සම්බන්ධව අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version