බුදු පිළිම විනාශ කිරිම ගැන විමර්ශනයක්

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.

ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත.

Exit mobile version