කළුතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

කළුතර උතුර පොලිස් වසමේ ගාලු පාර, තොටුපල හංදිය අසල දී ඊයේ(01) රාත්‍රී 10.35 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලු පාරේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ  දී පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version