ජනපති ප්‍රධානත්වයෙන් කැබිනෙට්ටුව රැස්වෙයි

2019 නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම පැයක පමණ කාලයක් පැවති බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හැරුණුකොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සෙසු සියළු අමාත්‍යවරුන් අද පැවති කැබිනට් රැස්වීම සඳහා සහභාගි වී සිටි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි.

Exit mobile version