Home දේශීය පුවත් හෙරොයින් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

0
හෙරොයින් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 73 මිලි ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ ඊයේ (05) සවස 4.40ට පමණ බේරුවල පොලිස් වසමේ මාගල්කන්ද ප්‍රදේශයේදී බේරුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරිමෙනි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ මොහොමඩ් මන්සුර් මොහොමඩ් රිෆායි නම් වයස 53ක් වූ මුන්හේන පාර, මග්ගොන පදිංචි අයෙක්, ඉලේකුට්ටිගේ ලොරන්ස් පැක්ෂි ප්‍රනාන්දු නම් වයස 53ක් වූ මාගල්කන්ද, මග්ගොන පදිංචි අයෙක් සහ බුහක්මන් තුප්පහියරාලලාගේ දමින්ද උදය කුමාර නම් වයස 39ක් වූ කංකානම්ගොඩ, බේරුවල පදිංචි අයෙකි.

මෙම සැකකරුවන් ධීවර රැකියාවේ නිරතවන පුද්ගලයින් බවත් හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් කරුණු අනාවරණය වී ඇති අතර අද (06) දින කළුතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බේරුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version