පොලිස් ස්ථානාධිපතිවරු 72කගේ ස්ථානමාරු අත්හිටුවයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරුන් 72කු සඳහා ලබා දී තිබු ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ජනවාරි මස තුන් වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් හැත්තෑ දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබුණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 45 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබු බව සඳහන්ය.

අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට අවශ්‍ය බැවින් එම ස්ථාන මාරුවීම් සියල්ල අත්හිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.

අඅදාළ ස්ථාන මාරුවීම් සියල්ල නැවත සලකා බලා ඉතා කඩිනමින් එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කරන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

Exit mobile version