Home දේශීය පුවත් ශ්‍රිලනිපය දෙකඩ නොවු බව ශාන්ත කියයි

ශ්‍රිලනිපය දෙකඩ නොවු බව ශාන්ත කියයි

0
ශ්‍රිලනිපය දෙකඩ නොවු බව ශාන්ත කියයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ කිසිම බෙදීමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය. අද පෙරවරුවේදී එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරනු ලැබිය.

පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වුවහොත් එය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්ව විසඳා ගන්නා බවත් ඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව පුළුල් සන්ධානයක් ගොඩ නගන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂය සමග යම් සිත් තැවුලක් ඇත්නම් එය අවසන් කරගෙන නැවත පක්ෂයට එන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version