තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

වරකාපොළ ඇඟලුම් කර්මාන්තශාලාවක් අසල දී ඊයේ(07) රාත්‍රීයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එම පුද්ගලයා බරපතළ තුවාල ලබා සිට ඇති අතර අනතුරුව ඔහු වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයා ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටි අවස්ථාවකදී ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ තුල්හිරිය බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version